දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

0
92

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇතැයි ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය පවසයි.

එහි ලේකම් ජනරාල් ආචාර්ය පුංචි නිලමේ මීගස්තැන්න මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.

එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබේ.

ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා ප්‍රකාශ කළේ, මීට අමතරව මෙරට ප්‍රථම වැව ලෙස සැලකෙන අභය වැව හෙවත් බසවක්කුලම වැව ද ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි වාරිමාර්ග අමාත්‍යාංශය යෝජනවක් ඉදිරිපත් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here