දහම් පාසල් තුළින් දරුවන් යහපත් පුරවැසියන් කළ හැකියි -අගමැති

0
168

දහම් පාසල් අධ්‍යාපනයක් ලබාදීම තුළින් දරුවන් යහපත් පුරවැසියන් බවට පත්කළ හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දරුවෙකුගේ දහම් ළැඳියාව ඇති කිරීම තුළින් සමාජයේ හික්මීමක් ඇති වන බවය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බළමණ්ඩල යතිවර අභිමන් උපහාර උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළකළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

“දහම් පාසල් තුළින් දරුවන් යහපත් පුරවැසියන් කළ හැකියි කියන විශ්වාසය අපට තියෙනවා. හිරගෙවල්වල පිරිලා ඉන්න වැඩි දෙනෙක් දහම්පාසලකටවත් ගියපු නැති අය. දහම් පාසලකට ගියාට පස්සේ ඇති වෙන හික්මීම තුළින් හා ළමයෙක් දහමට ළැඳි බව තුළින් සමාජයේ හික්මීමක් ඇති වෙනවා කියන විශ්වාසය තියෙනවා. ඒ තුළින් තමයි පැහැදිලි සමාජයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ආගමට ළැඳි ජනතාවක් ගොඩනගනවා නම් ඒ දිස්ත්‍රික්කය හා පළාත යහමඟට ගෙනඑන්න පුළුවන්කම තියෙනවා. හැම ආගමක කටයුතු සඳහා ජනතාව යොමුකිරීම තුළ අපරාධ අඩු කරන්න හා සිරගෙවල් පිරිම නතර වෙයි කියලා අපි විශ්වාස කරනවා.“

මේ අතර නෝනාගම වොටර් පාර්ක් ජල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (27) පස්වරුවේ විවෘත කර තිබේ.

දකුණු පළාත් පරිසර අමාත්‍යාංශය, රුහුණු සංචාරක කාර්යංශය සහ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ අරමුදල් සහ සම්පත් යොදාගනිමින් එම ජල උද්‍යානය ඉදිකර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

කතරගමට අතරමග ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් ලෙස ඉදිකර ඇති එම උද්‍යානයේ ඇවිදින මංතීරු, ළමා උද්‍යාන ඇතුළු ජනතා ආකර්ෂණීය ස්ථාන රැසක් ඉදිකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here