දකුණෙන් දෙකක් ඌවට

0
356

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන දෙකක් මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික් වලට හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද මැතිවරණ කොමිෂන් සභාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී සභාපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි දිනය පිළිබදවද අදහස් පළ කළේය. 

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තව සතියක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

විසරවු දින සිට දින දින 52කුත් 66කුත් අතර ඡන්ද විමසීම පැවැත්විය හැකි බවත් ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් 22වනදා ගෙන් පමණ පසු මැයි 4 වනදාට පෙර පවත්වන්නට සිදු වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මැයි මස 7වන දින වෙසක් පුර පසළොස්වක දිනය යෙදෙන බැවින් ඊට පෙර මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here