Home උණුසුම් පුවත් තවමත් මම පක්ෂයේ සභාපති -චන්ද්‍රිකා

තවමත් මම පක්ෂයේ සභාපති -චන්ද්‍රිකා

0
225

තවමත් මම පක්ෂයේ සභාපති -චන්ද්‍රිකා

තවමත් මම පක්ෂයේ සභාපති -චන්ද්‍රිකා

January 8, 2021   01:14 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවමත් සභාපති තමා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දින සැමරුම් උත්සවය අද (09) ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක ප්‍රතිමාව ඉදිරිපිටදී පැවැත්වුණි.

එම අවස්ථාවට සහභාගිවීමේන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇය එසේ පැවසුවාය.

අවස්ථා දෙකකදී සැමරුම් උත්සව පැවති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය පැමිණ ප්‍රතිමාවට ප්‍රථමයෙන් පුෂ්පෝපහාර දැක්වූවාය.

අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බණ්ඩාරනායක ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වූ බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කළේය.

පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තමා වසරකට පෙර ප්‍රකාශ කළ කරුණු වර්තමානයේ සත්‍ය වී ඇති බවය.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට වැඩිදුරටත් පිළිතුරු ලබාදුන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,

ප්‍රශ්නය:- පියාණන් ආරම්භ කළ ශ්‍රී ලංකා නිදසහස් පක්ෂය ගැන මොකද හිතෙන්නේ ? 

හිටපු ජනාධිපතිනි :- මොකද්ද හිතන්න ඕනේ.

ප්‍රශ්නය:-  මේවන විට ශ්‍රී ලංකා නිදසහස් පක්ෂය යන ගමන් මාර්ගය නිවැරදිද ?

හිටපු ජනාධිපතිනි :- කිසිම ගමන් මාර්ගයන් නැහැ. නිවැරදිද ?  වැරදිද ? කියලා මට කියන්න බැහැ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණක් වෙලා කියාල දැන් ඉන්න පාර්ශවය කියනවා ? 

හිටපු ජනාධිපතිනි :- ඒක ඉතින් අවුරුද්දකට ඉස්සර මම කිව්වානේ. පක්ෂයේ දැන් සභාපති කෙනෙක් කියලා ඉන්නවා එයා නීතිවිරෝධී ලෙස සභාපති හැටියට ඉන්නේ.

ප්‍රශ්නය:- ආණ්ඩුව කෙනෙහිළිකම් කරනවා කියනවා ?

හිටපු ජනාධිපතිනි :- මම දැන්නේ නැහැ ඒක ඒ අයගෙන් අහන්න. අවුරුද්දකට ඉස්සර ඒක කරයි කියලා මම කිව්වා. එහෙම යන්න එපා අපි තනියම ශක්තිමත් වෙලා ඉදිරියට යමු කියලා. එක් එක් අයගේ පස්සේ එල්ලෙන් නැතුව. අපි කියපු දේවල් දැන් සිදුවෙනවා. 

ප්‍රශ්නය:- ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැළවුණෙත් ඒ නිසාද‍?

හිටපු ජනාධිපතිනි :- මම ගැළවුණේ නැහැ. මම පක්ෂයේ සදහටම ඉන්නවා. තවමත් මම පක්ෂයේ සභාපති. තවමත් මම පක්ෂයේ යාවජීව අනුශාසක. තවමත් මම දේශපාලන මණ්ඩලයේ සභික. හැබැයි මට කිසිම රැස්වීමක් කියන්න එපා කියලා සිරිසේන දැනුම් දීලා තියෙනවා කට්ටියට.   

ප්‍රශ්නය :- ඉදිරියට පක්ෂය රැක ගැනීමට ඔබතුමිය ගන්න තීරණය ? 

හිටපු ජනාධිපතිනි :-  මම පක්ෂය රැකගෙන තියෙනවා හතර වතාවක හොම්බබිම ඇනිලා වැටුණු අවස්ථාවකම. දැන් පක්ෂයේ ඉන්න අය කරගෙන යයි.

ප්‍රශ්නය:- අද උත්සවය තියෙන්නේ 8ට ඔබතුමිය කලින් අවේ ? 

හිටපු ජනාධිපතිනි :- මම කලින් අවේ මට කලින් එන්න ඕන නිසා.

ප්‍රශ්නය:- ආරාධනා කළේ නැද්ද මේ සැරේවත් ? 

හිටපු ජනාධිපතිනි :- නැහැ. කිසිම ආරාධනාවක් නැහැ. හැබැයි ඒ අයට මේක අයිති නැහැනේ. අපිට ඕන වෙලාවකට අපි එනවා.

ප්‍රශ්නය:- පක්ෂයට මේ වන දේ ගැන ඔබතුමියට කණගාටුවක් නැද්ද ?

හිටපු ජනාධිපතිනි :- බොහෝම කණගාටුයි. 

ප්‍රශ්නය:- ඔබතුමිය ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අවශ්‍යයි නේද ?

හිටපු ජනාධිපතිනි :- හැමදාම ඉදිරිපත් වෙන්නේ මොකටද ? 

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිකාරයෝ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ? 

හිටපු ජනාධිපතිනි :- කොහෙත්ම නැහැ. පක්ෂයේ අයිතිකාරයෝ පක්ෂයේ සාමාජිකයෝ, මම, අපි ඔක්කොම.

ප්‍රශ්නය:- ඔබතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් කරලා තමයි කියන්නේ ?

හිටපු ජනාධිපතිනි :- එයාගේ හීනේ ඒ.

ප්‍රශ්නය:- ඔබතුමිය එක්සත් ජාතික පක්ෂයට ගියේ ?

හිටපු ජනාධිපතිනි :- එක්සත් ජාතික පක්ෂයට ගියා.. කවුද ගියේ ? සිරිසේනනේ ගියේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට 5 වතාවක්. ගිහිල්ලා රනිල් මහත්තයාට මට ඔබතුමාට සර් කියන්න ඉඩදෙන්නකො හැමදාම කියලා කියපු මිනිහා. මම කවදාවත් ගිහින් නැහැ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට.

පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

ප්‍රශ්නය:- චන්ද්‍රිකා මැතිනය කලින්ම ඇවිත් පුෂ්පෝපහාර දක්වලා ගියා ? 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍:- ඔව්. එතුමිය උදෑසනම ඇවිත් තිබෙනවා. විශේෂයෙන් ස්තුතිවනත් වෙනවා. එතුමිය උදේම ඇවිත් කටයුතුවලට සහභාගිවෙලා තිබීම පිළිබඳව. 

ප්‍රශ්නය:- එතුමිය කියනවා තවමත් ඇය සභාපති, අනුශාසක කියලා. ඔබතුමාගේ සභාපතිකත්වය පිළිගන්නේ නැහැ. එය නිත්‍යානුකූල නැහැ කියලා ?  

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍:- නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් රට තුළ වැඩකරන කොට අපි තුළ කිසිම වාදබේදයක්, එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරුත් එකට එකතුවෙලා වැඩකරන්නේ.

ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සමඟ ඉදිරියට යනවාද ? කළකිරීමෙන්ද ඉන්නේ ? 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‍:- අපි බලමු ඉතින් තව කල් තියෙනවා. දැන් ඉතින් මේ ආණ්ඩුව තියෙනවනේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here