තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩියට පිහිනා ගිය රොෂාන් අබේසුන්දරගෙන් නව ආසියානු වාර්තාවක්

0
84

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශුරයෙකු වන නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද(11) නව ආසියානු වාර්තා 2ක් පිහිටු වීමට සමත් විය.

ඒ, තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස්, නැවතත් තලෙයිමන්නාරම දක්වා පිහිනමින් ය.

එහි මුළු දුර කිලෝමීටර 59.3කි.

තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පිහිනීමට ඔහුට ගතව තිබූ කාලය, පැය 10 යි විනාඩි 31 කි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ජර්මන් ජාතික ඇඩම් හුක්ස්, ඒ සඳහා පැය 10 යි විනාඩි 47 ක කාලයක් ගත කර තිබුණි.

ඒ අනුව, එය රොෂාන් අබේසුන්දර මහතා තැබූ එක් ආසියානු වාර්තාවකි.

තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩි දක්වා ගොස් නැවත තලෙයිමන්නාරම බලා පිහිනාවිත් මීට පෙර 1971 වසරේදී වාර්තාවක් පිහිටුවා තිබුණේ කුමාර් ආනන්දන් මහතා ය.

ඒ, පැය 51 ක කාලයක් සටහන් කරමින් ය.

එහෙත්, රොෂාන් අබේසුන්දර මහතා පැය 28 යි විනාඩි 19 යි තත්පර 43 ක කාලයකදී සිය ගමනාන්තයට ළඟා වී තිබුණේ, නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් ය.

සාගර පරිසරය රැක ගැනීමේ පණිවුඩය ලෝකයට රැගෙනයාමේ අරමුණින් රෝෂාන් අබේසුන්දර මහතා මෙම ඉසව්වට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here