ට්‍රම්ප් පරාජයෙන් පසු පළමුවරට ජනතාව අමතයි

0
267

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට ජනතාව අමතා තිබේ.

ඊයේ දිනයේ ධවල මන්දිරයේ රෝස් උද්‍යානයේදී  ජනතාව අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ තම පාලන කාලය තුළ රට අගුලු දැමීමට කිසිවිටෙකත් කටයුතු නොකරන බවය.

එහෙත් ඉදිරි පාලනයේදී කුමක් සිදුවේද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණ පරාජය පිළිබඳ මෙතෙක් ඝෘජුව පිළිගෙන නොමැති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ ප්‍රකාශයෙන් වක්‍රාකාරයෙන් සිය පරාජය පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here