ජෝ බයිඩ්න් නව විධායක නියෝග තුනක් සඳහා අත්සන් තබයි

0
225

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් නව විධායක නියෝග තුනක් සඳහා අත්සන් තබා තිබෙනවා.

ඇමෙරිකාවට ඇතුළුවන සංක්‍රමණික පවුල්වල දරුවන් සහ දෙමාපියන් වෙන්කර තැබීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී ගෙන තිබූ තීරණය ආපසු හැරවීම මෙම විධායක නියෝග යටතේ සිදුවනවා. රට තුළට සිදුවන සංක්‍රමණ වැළැක්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් දරුවන් සහ වැඩිහිටියන් වෙන් කිරීමට කටයුතු කිරීමෙන් බරපතල මානුෂික ගැටලුවක් නිර්මාණය වුණා. සිය පවුල්වලින් දරුවන් පන්දහස් පන්සීයකට වැඩි පිරිසක් 2017 / 2018 කාල වකවානුවේදී වෙන් කිරීමට ලක්වූ බවයි වාර්තා වන්නේ. තවමත් අනවසර ලෙස සංක්‍රමණය වූ පවුල්වල කුඩා දරුවන් 600 ත් 700ත් අතර පිරිසක් සිය දෙමාපියන්ගෙන් වෙන්වී ඇමෙරිකා බලධාරීන්ගේ භාරයේ සිටිනවා. කෙසේ වෙතත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආගමන හා විගමන නීති පුළුල් ලෙස වෙනස් කිරීමට ජෝ බයිඩ්න් සූදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here