ජෝ බයිඩ්න්ගෙන් දැවැන්ත සහන පැකේජයක්

0
186

කොරෝනා වයිරසයෙන් පීඩාවට ලක්වූ ඇමරිකානු ආර්ථිකය පන ගැන්වීමේ දැවැන්ත සහන පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට තේරීපත්වී සිටින ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් කටයුතු කර තිබෙනවා.

ලබන විසි වනදා ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ජෝ බයිඩ්න් කඩා වැටීමට ලක්ව තිබෙන ඇමරිකානු ආර්ථිකය පන ගැන්වීමේ  අරමුණින් මෙම සහන පැකේජය ප්‍රකාශයට පත් කළා. ඩොලර් ට්‍රිලියන එකයි දශම නවයක එම සහන පැකේජයෙන් ඩොලර් ට්‍රිලියනයක් ඇමරිකානු ජනතාව වෙනුවෙන්  වෙන්වන අතර එහිදී සෑම පුරවැසියෙකුටම ඩොලර් 1400 ක ඍජු ගෙවීමක් සිදුකරනු ලබනවා.

කොරෝනා එන්නත්කරණය සදහා ඩොලර් බිලියන 415 ක් වෙන්කර ඇති අතර කුඩා ව්‍යාපාර සදහා වෙන්කර ඇති මුදල ඩොලර් බිලියන 440 ක් බවයි සදහන් වන්නේ.

ජෝ බයිඩ්න් ජනාධිපතිධූරයේ දිවුරුම් දුන් පසු සහන පැකේජය ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය සදහා යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here