ජනාධිපතිතුමාට කොරෝනා මර්ධනය කරන්න පුලුවන්. වැරැද්ද කාර්‍ය සාධන බලකායෙයි. රනිල්.

0
120

ජනාධිපතිතුමාට කොරෝනා මර්ධනය කරන්න පුලුවන්. වැරැද්ද කාර්‍ය සාධන බලකායෙයි. නැත්නම් ගෝඨාභය හොදට කරනවා. විපක්ෂ නායකයා ගෝඨාභයට සහයෝගය ලබා දිය යුතුයි. රනිල් වික්‍රමසිංහ කියයි.

විශේෂ විඩියෝ පටයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටින්නේ කොරෝනා අර්බුදය ජය ගැනීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට හැකියාව ඇති බවය.

ඉතා ශක්තිමත් නායකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන කාර්‍ය සාධන බලකායේ බලය අතට ගත යුතු බවත්, එසේ කොට කොරෝනා මර්ධන ක්‍රියාවලිය තව තවත් සාර්ථක කල යුතු බවත්, ඔහුට එය කල හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටි.

ඊට අමතරව ශක්තිමත්ව ක්‍රියාකරන මෙම ආණ්ඩුවට කොරෝනා මර්ධනය කල හැකි බවත් එම නිසා ආණ්ඩු මාරු කිරීම අවශ්‍ය නොවන බවත් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එ මහතා ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්‍යයෙන්ම සහයෝගය ලබා දිය යුතු බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here