ජනපති සමග පැවති සාකච්ඡා සාර්ථකයි – චීන ආරක්ෂක ඇමති

0
42

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ සහ සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි ඔහු සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here