ජනපති ගොවීන්ගෙන් කළ ඉල්ලීම

0
197


“ගම සමග පිළිසඳර”  6 වන අදියර අද (16) පොළොන්නරුව, මැදිරිගිරිය, දහම්වැව වෙඩිකච්චිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් පැවැත් වේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අලුතින් නිර්මාණය කෙරුණු මෙම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පිඩාවිඳින වනඅලි ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවදානයක් යොමුවිය.

ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දහම්වැව ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එක් විය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.

අනතුරුව ජනාධිපතිවරයා දහම්වැව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පැමිණ ජනතා ගැටලු විමසීම සහ ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කළේය.

“අලුතින් පදිංචි කළාම තියෙන ප්‍රශ්න, මම හිතන්නේ අනෙකුත් ප්‍රශ්නවලට වඩා වෙනස්. තමන් වගා කරපු ඉඩම් තියෙනවා නම් දිගටම වගා කරන්න. අපි ඒ ගැන තීරණයක් අරන් තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ඒ ආකාරයෙන් වගා කිරීමේදී අලුතින් කැලෑ කැපීම විතරක් කරන්න එපා,” ජනතාව ඉදිරිපත් කළ ගැටලු හමුවේ ජනාධිපතිවරයා එලෙස පිළිතුරු දුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here