චීන විදේශකටයුතු අමාත්‍යවරයා ලබන මාසයේ දී මෙරටට පැමිණෙයි.

0
75

චීන විදේශකටයුතු අමාත්‍යවරයා
ලබන මාසයේ දී මෙරටට පැමිණෙයි.

චීනයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වන වැන්ග් යී Wang Yi  මහතා ලබන මාසයේ දී මෙරට සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ වන විටත්, චීන ජන රජය නියෝජනය කරන ජ්‍යේෂ්ඨ නායකයන් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.

චීන මහජන පක්ෂයේ ප‍්‍රධාන නායකයෙකු මෙන්ම දේශපාලන මණ්ඩල සාමාකජිකයෙකු වන යැන් ජෙයි චී Yang Jiechi ද්වී පාර්ශ්වික සාකච්ඡුා සදහා මෙරටට පැමිණ තිබුණි.

ඉන් පසුව, ඉතාම මෑත දිනයක දී චීනයේ ආරක්ෂක අමාත්‍යවරයා වන වී ෆෙන්ගේ – Wei Fenghe- මහතා මෙරටට පැමිණි අතර, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු හමු වී සාකච්ඡුාවල නිරත විය.

ලබන මාසයේ දී සිදු වීමට නියමිත චීන විදේශකටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සිදු වන්නේ, ඔහු මේ වන විට නිරතව සිටින කලාපීය සංචාරයේ කොටසක් ලෙසයි.

ඬේලි මිරර් පුවත්පත ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here