චීනය අඟහරු මත සාර්ථකව යානයක් ගොඩබස්වයි

0
32

චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.

“ෂූරෝන්“ නමැති යානය චීනය විසින් මෙලෙස අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිලෝග්‍රෑම් 240ක බරකින් යුක්ත වන රෝද 6 කින් සමන්විත එම යානය සූර්ය පැනල මගින් බලගන්වා තිබේ.

පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා වෙත පවතින දුර කිලෝමීටර් මිලියන 320ක් වන අතර අඟහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ අමෙරිකාව විසිනි.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here