සියලු සරසවි හෙට සිට සති දෙකකට වැසෙයි

0
412

හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් සියලුම විශ්වවිද්‍යාල වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසයි.

 

රජයේ සියලුම පාසල් ද අද දිනයේ සිට වසා දැමීමට ඊයේ රජය තීරණය කළේය.

 

එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර මීට අමතරව සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබීමට ඊයේ තීරණය කළේය.

 

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here