ගෙවී ගිය මාස එකොළහ තුළ වන අලි 297ක් මියයයි

0
252

මෙම වසරේ ගෙවී ගිය මාස එකොළහ තුළ වන අලි දෙසීය අනූ හත් දෙනෙකු මිය ගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසනවා.

වෙඩි තැබීම්,  අනවසර විදුලි රැහැන් ඇදීම්,  හක්කපටස් පුපුරායාම් මෙන්ම වන අලි අතර ගැටුම් ද මෙම මරණවලට හේතුව බවයි වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ.

වැඩිම මරණ සංඛ්‍යාව නැගෙනහිර වනජීවි කලාපයෙන් වාර්තා වී තිබෙනවා. එම කලාපය තුළ මිය ගොස් ඇති වන අලි සංඛ්‍යාව හැටක්. පොළොන්නරුව කලාපයෙන් වන අලි හතලිස් හය දෙනෙකු ද අනුරාධපුර කලාපයේ තිස් නව දෙනෙකු හා ඌව කලාපයේ වන අලි තිස් හතර දෙනෙකු ද මෙසේ මිය ගොස් තිබෙනවා.

මෙම වසරේ වන අලි වැඩිම සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ජූලි මාසයේ දී බව ද වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here