ගුවන් විදුලියට අනූ පහයි

0
273

ලාභය හෝ පාඩුව මත පදනම්ව ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීම තමන් අනුමත නොකරන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහා ඉතිහාසයක් ඇති එවැනි ආයතන කෙසේ හෝ  පවත්වා ගෙන යා යුතු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අනූ පස් වන සංවත්සරයට අද එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට පළමු ගුවන් විදුලි මධ්‍යස්ථානය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කේන්ද්‍ර කර ගනිමින් 1925 වසරේ දෙසැම්බර් 16 වනදා මෙරට පිහිටුවනු ලැබුවේ ගුවන් විදුලිය ලෝකයට හදුන්වා දී ඉතා කෙටි කලක් තුළයි. එදා මෙදා තුර ගුවන් විදුලි යුග ගණනාවක් බිහි වුණා. වසර අනූ පහක ඉතිහාසය සැමරීම වෙනුවෙන් අද ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී ආගමික වතාවත් පැවැත්වුණා. ඒ වෙනුවෙන් පැවති විශේෂ උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී පැවැත්වුණා. ගුවන් විදුලි සේවකයන් මෙන්ම ඔවුන්ගේ දරුවන් ඇගයීමද සිදුවුණා. තැපැල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ සමරු මුද්දරය ද අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත පිරි නැමුවා. ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලය ද ඊට එක්ව සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here