කෲඩියා සෙලනිකා ශාකය හිටපු ජනපතිගේ නිරීක්ෂණයට

0
240

ගම්පහ – දාරලුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික ඉපැරණි කෲඩියා සෙලනිකා ශාකය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිරීක්ෂණයට ලක්වුණා.

අද දහවල් තවත් පිරිසක් සමඟ අදාළ ශාකය සමීපයට ගිය හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පරිසර සංවිධාන ඇතුලු වගකිවයුතු බලධාරීන් සමඟ කෲඩියා සෙලනිකා ශාකය  සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය තමන් පෞද්ගලිකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ ශාකය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුව පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාව වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක වෙත පසුගියදා භාරදී ඇති අතර, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඊට අදාළ ඉදිරි පියවර ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here