කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 4ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

0
419

කොළඹ, ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි 4 සඳුදා අලුයම 5 දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන දා අලුයම 5.00ට ඉවත් කොට රාත්‍රි 8.00 යළි පනවන බවයි.

ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අලුයම 5.00 දක්වා පමණි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරන බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ඇඳිරි නීතිය පැනවීම සහ ලිහිල් කිරීමට අදාළ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්… සම්බන්ධයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here