කොවිඩ් එන්නත් ලබාගැනීමට අමෙරිකානුවන් දිගු පෝලිම්වල

0
177

කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් ලබාගැනීම වෙනුවෙන් අමෙරිකානුවන්ට ඉතා දිගු පෝලිම්වල විශාල වේලාවක් රැඳී සිටීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගෙවී ගිය දිනයේ අමෙරිකාවෙන් නව කොවිඩ් මරණ 2,085 ක් වාර්තා විය.

නව ආසාදිතයන් ගණන දැක්වුණේ 163,252 ක් ලෙසිනි.

අමෙරිකාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා යන ප්‍රාන්තවලිනි.

එරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 20,617,346 ක් ලෙස වාර්තා වේ.

ඒ අනුව ගෝලීය ආසාදිතයන්ගෙන් සියයට 2‍3කට වැඩි පිරිසක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.

අමෙරිකාව ආසාදිතයන් කෝටියේ සීමාව අබිබවා ගියේ ඉකුත් නොවැම්බර් 9 වැනිදාය.

මාස දෙකකට අඩු කාලයකදී එම සංඛ්‍යාව දෙගුණ වී තිබීම විශේෂත්වයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here