කොරෝනා වෛරසයෙන් 91533ක් පූර්ණ සුවය ලබයි

0
374

නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ ඉතාලියෙන් වාර්තාවුණි.

ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 627 කි.

මේ වන විට මෙම වෛරසය ලොව පුරා රටවල් 185 ක ව්‍යාප්ත වී තිබේ.

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 11,822 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 282,868 කට අධිකයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 91,533කි.

කොරෝනා වෛරසයෙන් වැඩිම මරණ වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්ය.

එහි මරණ ගණන මුළු කොරෝනා මරණ වලින් සියයට පනහකට අධික වන අතර සංඛ්‍යාත්මකව ගත් කල හයදහසකට ආසන්නයි.

ඉන් ඉතාලියේ සිදු වූ මරණ ගණන , වෛරසය පැතිරීම ඇරඹී චීනයේ මරණ ගණනද ඉක්මවා ගොස් අවසන්ය.

ඉතාලියෙන් කොරෝනා මරණ 4032 ක් වාර්තා වන අතර එරට ආසාදිතයන් ගණන 47,021 කි.

දෙවැනි වැඩිම මරණ ගණන චීනයෙන් වාර්තා වන අතර එය 3255 කි.එරට ආසාදිතයන් ගණන 81,008 කි.

ඉරානයෙන් කොරෝනා මරණ 1433 ක්ද , ස්පාඤ්ඤයෙන් මරණ 1,326 ක්ද , ප්‍රංශයෙන් මරණ 450 ක්ද , අමෙරිකාවෙන් මරණ 275 ක්ද , එක්සත් රාජධානියෙන් මරණ 177 ක්ද මේ වන විට වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here