කොරෝනා අවදානම තවමත්: උත්සව සමයේ පරිස්සමෙන්.. – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

0
164

කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති අවස්ථාවක නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කරන්නැයි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

රාජ්‍ය අමාත්‍යවරිය දැනුම් දෙන්නේ, උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථානවලට යාමෙන් වළකින ලෙසය.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 89,846ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 346 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි.

වෛරසය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,836කි.

සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,466ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ය.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 545 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ තවත් ආසාදිතයෙකු මියයාමත් සමගයි.

එලෙස මියගොස් ඇත්තේ, බූවැලිකඩ පදිංචි 85 හැවිරිදි පුද්ගලයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here