කෙසෙල් ගෙඩියක මිල ගැන ඇති වූ බහින්බස්වීමක් ඝාතයකින් කෙළවර වේ

0
157

කුරුණෑගල, පැරකුම්බා විදියේ පිහිටි වෙළෙඳසැලකින් කෙසෙල් ගෙඩියක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙක් විසින් එහි සේවකයෙකුට කැඩූ බෝතලයකින් ඇන ඝාතනය කර තිබේ.

කෙසෙල් ගෙඩියක මිල පිළිබඳ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව එම සැකකරු බෝතලයක් කඩා වෙළෙඳසැලේ සේවකයාට පහරදී ඇති බව වාර්තා වේ.

එම කෙසෙල් ගෙඩියක මිල රුපියල් 30ක් බව සේවකයා විසින් අදාළ සැකකරුට පැවසීමෙන් පසු ඔවුන් දෙදෙනා අතර බහින්බස්වීම ඇතිවී  තිබේ.

පසුගිය 20 වනදා එම සිද්ධිය වාර්තා වී ඇති අතර පහර දුන් පුද්ගලයාද මේ වන විට පොලිස් ආරක්ෂාව මැද රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here