කැළණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ

0
386

කැළණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවීමේ සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් සිසුන් 25 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය වසර 2 කට අහෝසි කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට වසර 2 ක පන්ති තහනමක් ක්‍රියාත්මක කිරීමටයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ. ඊට අදාළ ඉදිරි පරික්ෂණ ද ක්‍රියාත්මකයි. ගලවා ඇති CCTV කැමරා කඩිනමින් යළි සවි කිරීමට ද පියවර ගෙන තිබෙනවා.මේ අතර කැළණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය තාවකාලිකව වසා දමා තිබෙනවා. 2017 – 2018 අධ්‍යයන වර්ෂය හෙට දිනයෙන් අවසන් වන බැවින් හෙට පෙරවරු 8.00 සිට කැළණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය සියලුම සිසුන්ට තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 8.00 පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි පාලනාධිකාරිය අවධාරණය කරන්නේ. සති අන්ත ,පශ්චාත් උපාධි පාඨමාල , ඩිප්ලෝමා , සහතිකපත්‍ර ආදී සියලු පාඨමාලා සහ ඊට අදාළ විභාග ද නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බවයි කැළණිය විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය නිවේදනය කරන්නේ. මේ අතර CCTV ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here