කැලණි ගඟ ආශ්‍රිතව පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යෑමේ අවදානමක්

0
27

කැලණි ගංඟා ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය එලෙස වර්ධනය විය හැකි බවය.

මේ හේතුවෙන් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.

මේ අතර කළු ගඟ ආශ්‍රිත පහත් බිම් ද හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය,මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here