ක්‍රිඩිකාවකට උදව් කල විපක්ෂ නායකවරයා.

0
226

ආසියානු තරගාවලියට සහභාගි වී Roller Skates (රෝද පුවරු) ක්‍රීඩිකාවක ලෙස කීර්තියක් රැගෙන ආ දසුනී තරින්ද්‍යා ක්‍රීඩිකාවට ඇයගේ ක්‍රීඩා කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවය මගින් රුපියල් ලක්ෂ දෙකක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් මත දානපතියෙකු විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය සිදු කළ අතර එය ඊයේ (21) විපක්ෂ නායකතුමා විසින් තරින්ද්‍යා දැරියට පිරිනැමීය.

නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන ඇය 2013 වසරේ සිට ජාතික මට්ටමේ රෝද පුවරු තරගාවලි තුල අඛණ්ඩව රන් පදක්කම් දිනා ඇති අතර, 2017 වසරේ ඉසව් 5මද, එම වසරේම කනිෂ්ඨ අංශයේ ඉසව් 5ම ද, 2018/19 වසරවල අදාල ඉසව් 10ම ද රන් පදක්කම් දිනා ඇත. 2019 වසරේ ජාතික ක්‍රීඩිකාව වූ තරිද්‍යා ජාත්‍යන්තර තරගාවලි දෙකක අත්දැකීම් සහිතය.

ක්‍රීඩාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන්ද ඉදිරියට යාමට තරින්ද්‍යා දැරියට ශක්තිය සහ දිරිය ප්‍රාර්ථනා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ රටට ගෞරවය රැගෙන එන මෙවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම වගකීමක් බවය.

තමන් නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදියෙහි ඉතාම සහනදායී ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන් උදෙසා නිවාස ලබා දුන් අතර,අද වනවිට ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ලක්ෂ ගනන් මුදල් අය කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයිද කීය.

මේ අසාධාරණ පිළිවෙත වහාම නවතාදමා රටට කීර්තියක් ගෙනෙන ඔවුන්ට නිදහසේ, මානසික ශක්තිය ඇතිව කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසිය යුතු බවද කීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here