කල්ලි දෙකම බය සජිත් ලකුණ ‘කොලපාට ගසක් යට සෙවනකට

0
366

 

කල්ලි දෙකම බය සජිත් ලකුණ
‘කොලපාට ගසක් යට සෙවනකට’කියා මීට විසි වසරකට පෙර හම්බන්තොට පෝස්ටරයක් ඇලවිණි.එහි වූයේ අතිශයින්ම යෞවන අපේක්ෂකයෙකි. ඔහු අන් කවරෙක් හෝ නොව,සජිත් ප්‍රේමදාස ය.
වසරෙහි දෙවරක් මහා නියගයත්,මහා ගංවතුරත් නොවැරදීම උරුම වූ දුප්පත්කමෙහි අන්තයට ගිලුනු හම්බන්තොටින් ඔහු සිය දේශපාලන ගමන ආරම්භ කළේය.
ඒ වනවිටත් එක් අතකින් රාජපක්ෂලා ද,අන්‍ර්ක් පසින් වසර ගණනාවක් වැලි කැටයක වැඩක් නොකළ නිද්‍රාශීලි දේශපාලන අවතාරද අරක් ගෙන සිටි හම්බන්තොට ඔහු ‘අලුත් පරිච්ඡේදයක්”ආරම්භ කළේය.
ඒ වෙනකොටත් හම්බන්තොට එජාපය නාය ගොස් තිබුණි.
රාජපක්ෂලා එහි බලකොටුවක් හදාගෙන සිටි අතර එජාපයේ ‘හම්බන්තොට සමහරු’ හිටියේ රාජපක්ෂලාගේ සපත්තු ලෙවකමිනි.
පක්ෂයේ පාක්ෂිකයන් අනාථ කොට ඔවුන් මානසිකව පවා පාගා දමන්නට එහි සිටි සමහරු කටයුතු කොට තිබිණි.කිසිම නවීන වැඩපිළිවෙළක් හෝ පාක්ෂිකයන් රකින සිහිනයක්වත් ඔවුන්ට තිබුණේ නැත.
සජිත් පටන් ගත්තේ එහෙම තැනකය.හම්බන්තොට අන්ත අසරණ ජනතාව ඔහු වටා එක් වූයේ බලාපොරොත්තු දල්වාගෙනය.
සජිත්ගේ ආගමනය නොරිස්සුවේ රාජපක්ෂලා පමණක් නොවේ,එජාපයේ කේඩෑරි වූ සමහර බලවත්තුද සජිත්ගේ පැමිණීමෙන් සසල වූහ.
ගාමිණී දිසානායකයන්ගේ තීන්දුවකින් ලද සංවිධායකකම නිසාම ගාමිණීගේ වියෝවෙන් පසු සජිත්ව දේශපාලනිකව ‘ඝාතනය”කිරීමට එජාපයේ අලුත් කල්ලියට උවමනා විය. රනිල් වික්‍රමසිංහ එජාප නායකයා වීමෙන් පසු රටපුරා ගාමිණී හිතවාදීන්ව විනාශ කිරීමත් කැපීමත් සිදුවිය.
පඩු කලෙක ජොන්ස්ටන්,ලක්ෂ්මන්,අමුණුගම,තිස්ස,ලොකුගේ,කෙහෙලිය වැනි විශාල පිරිසකට ඒ පිහිපාර එල්ල විය.
රනිල් ආදා සිටම හම්බන්තොට කල්ලිය ලිපි පිට ලිපි රනිල්ට එවමින් සජිත්ට එරෙහි බියගුලු ප්‍රහාරය ආරම්භ කළහ.
නමුත් සියල්ල දරාගෙන සජිත් ජනතාව වෙනුවෙන් සිය විසිහතර පැයේ සේවය සිදු කළේය.
2000මැතිවරණය වනවිට රනිල්ට සජිත්ට එරෙහිව ලිපි තොගයක් එවා තිබුණේ දේශපාලන බ්‍රශ්ඨයින් ය.
2000දී මුල්වරට මැතිවරණයට ඉදිරිපත්වූ සජිත්  රාජපක්ෂලා සින්නක්කරේට ලියාගෙන සිටි හම්බන්තොට මුලුමනින්ම පරාජය කොට දැමුවේය..මහින්දට ආසනයත් අහිමිකොට දමා ශ්‍රීලනිප බලකොටුව කොල පාට කළෙ ඒ තරුණයා ය.
ඔහුට එරෙහිව පක්ෂයේ සමහරු කකුලෙන්  අදිනවිට,පෙත්සම් ගසන විට,කේලම් ලොරි පිටින් රනිල්ට කියන විට,සජිත් හම්බන්තොට උඩුයටිකුරු කළේය.
“සජිත් ශාකා සමිති හදන්නේ නෑ.බලමණ්ඩල කරන්නේ නෑ’කියකියා පෙත්සම් ගැසූ උදවිය කරනවා අතාරින්නට සජිත් සමත්වූයේ ඒ ප්‍රතිඵල වලිනි.
පළමු වරට 2000දී 83%ක ඡන්ද ප්‍රතිශතයකුත් 2001දී 82%ක ඡන්ද ප්‍රතිශතයකුත් 2004දී 84%ක ඡන්ද ප්‍රතිශතයකුත් 2010දී 89% ඡන්ද ප්‍රතිශතයකුත් ලබා ගන්නා සජිත් ට 2000 රනිල් දුන්නේ ආණ්ඩුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යකමය.
දශක ගානකින්හම්බන්තොට  දිනවූ සජිත්ට රනිල් දුන්න තුට්ටු දෙකේ තෑග්ග ඒකය.
මහින්ද රාජපක්ෂ හම්බන්තොට දේශපාලනය කරන්නේ සිය පිය උරුමයෙනි.හම්බන්තොට මහින්ද රාජපක්ෂලාගේ නිජ බිමය.නින්දගමය.එහෙත් සජිත් ප්‍රේමදාස සිය පිය උරුමය ද අත හැර පැමිණ හම්බන්තොට දිනන්නේ ස්වොත්සහයෙනි. මැතිවරණ සටනට සජිත් ආ පළමු වතාවේදීම ඔහු ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රචණ්ඩ ක්‍රියා දියත් විය.
මහින්ද රාජපක්ෂ  1977 මහා මැතිවරණයේදී වර්ෂ හතක් මුළුල්ලේ තමා දැරූ මන්ත්‍රී පදවියත් මුළු හම්බන්තොට දිස්ත්‍රික්කයත් එක්සත් ජාතික පක්ෂය හමුවේ පරාජය වී 1989 වන තෙක්,එනම් පුරා වසර දොළහක් ගෙදරට වී හුදෙකලාව කල් ගෙවූ බව සමහරුන්ට මතකය.
ජනපති වූ රාජපක්ෂ අඩවියේ,ඉහළම ඇමතිකම් ලැබුණු රාජපක්ෂ  අඩවියේ සජිත් අසීරු නමුත් දිරිමත් ගමනක් ආවේය.දැන් සජිත්ගේ දිස්ත්‍රික්කයේ අහුමුලු පීරා සජිත්ගේ මනාප ගනින්නේ  එදා සිට මහින්දලා සමග ඩීල්ගැසූ උන්ය. රනිල් සජිත්ට බෙදුවේ කං හැහැන්දෙන් ය.
ඒ අතර ඔහු කළේ සජිත්ට එරෙහිව ලිපි ගෙන්වා ගන්නා එකය. ඒවා කැලෑ පත්තරය. ‘
ඉතිහාසය වෙනස්කොට හම්බන්තොට දිනූ ‘අලුත් තරුණයාට’ ඉඩක් දෙනවා වෙනුවට රනිල් කළේ ඔහු දිනෙන් දින කප්පාදු කිරීමය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකාවේ වැඩිම කලක් රාජ්‍ය බලය හෙබවූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන අතර රනිල් වික්‍රමසිංහ එහි නායකත්වයට පත්වූයේ 1994 වසරේ නොවැම්බර් මාසයේ දීය.එතැන් පටන් ඔහු අඛණ්ඩව වසර 26ක් එම පක්ෂයේ නායකත්වයේ කටයුතු කර තිබේ.
එම කාල වකවානුවේ රාජ්‍ය බලය දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකිවූයේ 2001-2004 සහ 2015 සිට 2019 දක්වා වූ කාල සීමාවන් වල පමණය.
රනිල් වික්‍රමසිංහ පක්ෂය භාර ගත්තේ හිතාමතා එය පරාජය කරමින්ය. එදා 94 ගාමිණී දිසානායක සූදානම් වූයේ එජාප ආන්ඩුව තොණ්ඩමන්ලා, අශ්‍ර රොෆ් ලා එක්ක නැවත හදන්නටය. එහෙත් රනිල් ඉස්සරවී ඊනියා මිස්ටර් ක්ලීන් කමක් කළේය. එය සම්පූර්ණයෙන්ම ගාමිනීගමනයට එරෙහිව කළ නරි නාඩගමකි. එදා පරාජය භාරගෙන යන්න ඉක්මන් වූ රනිල් 30වතාවක් පැරදිලත් පක්ෂය දක්ෂයෙකුට භාර දී නොයන්නේ ඇයි? ලෝක ඉතිහාසයේ ලොතරැයි ඇදුනු මිනිසුන් සිටි බව අප දනී.එහෙත් රනිල්ට තරම් අනගි ලොතරැයියක් කාටවත් ඇදී නැත. ලක්ෂ 40ක් සාමාජිකයින් සිටින ට්‍රිලියන ගනනක් අරමුදල් ලැබෙන පක්ෂයක සදාකාලික නායකයා ඔහුය.
එජාපය පරාජිත රනිල් භාර ගත්තාට පසු පක්ෂය හැරගිය ජනතා නායකයින්,වියතුන් අප්‍රමාණය.
මුල් වටයේදී සරත් අමුණුගම, සුසිල් මුණසිංහ ඇතුලු පිරිසක් පක්ෂය හැර ගියේය. ජීවිත කාලයම පක්ෂය වෙනුවෙන් කැපවූ පතාක එජාප නායකයින් සිය ගණනක් පක්ෂය හැර ගියේ රනිල්ගේ පක්ෂය රැකීමේ තරම නිසාය. එච්, එම් මොහොමඩ්,නන්ද මැතිව්,විජේපාල මෙන්ඩිස්,ධර්මදාස බණ්ඩා,ඔලිත ප්‍රේමරත්න,කෙහෙලිය රඹුක්වැල්ල,තිස්ස අත්තනායක, පී.දයාරත්න,රුක්මන් සේනානායක,ලක්ෂ්මන් සෙනෙවිරත්න,ජොන්ස්ටන් ප්‍රනාන්දු,දයාසිරි ජයසේකර,රෝහිත බෝගොල්ලාගම,අර්ල් ගුණසේකර,මහින්ද සමරසිංහ, මොහාන් ග්‍රේරො,නියෝමාල් පෙරේරා,ඉන්දික බණ්ඩාරනායක,කරු ජයසූරිය,නවින් දිසානායක,වි.ජමු ලොකුබණ්ඩාර,හැරල්ඩ් හේරත්, ඇතුලු අදහාගන්නට බැරි තරමේ දිග ලැයිස්තුවක් එජාපය හැරගොස් තිබේ.
එපමණක් නොව එජාපය දිනවන්නට ආ දෙදෙනෙක් හැර සෙසු සියලුදෙනා පරාජිත රනිල් අතැර ගොස් තිබේ.
ඒ විතරක්ද? අවුරුද 5ක් යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් ය. හැබැයි ඔහුගේ නායකත්වයේ අනුහස කොහොමද කීවොත්  ඒ ආණ්ඩුවේ එජාපය නියෝජනය කළ අයගෙන් රනිල් සමග අද ඉන්නේ 10කි. ඒ දහදෙනාගේ කැරැට්ටුව දිග හැරුනොත් ඒ දුගද කොරෝනා වෛරසයට වඩා බිහිසුනුය.
අනෙක් සියලු දෙනාම සජිත් සමගය.
දැන් පරණ මඩ එලියට අදිමින් සජිත්ට එරෙහිව අවලාද සොයන්නේ දේශපාලනයේ කුජීත වී නන්නත්තාර වූ නට්ටමුන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here