එජාපයේ මහලොකු උගතා රනිල්ට උපදෙස් දෙන්න සමාගමකට කෝටි 12ක්!

0
365

2016 වර්ෂයේ අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරතව ඇත. ඒ සඳහා උපදේශන සේවා ලබා ගැනීම කෙරෙහි නොදර්න් ස්ටාර් කන්සල්ටින්ග් කෝපරේෂන් ලිමිටඩ් නමැති සමාගම සමග සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි චාන්දනී විජේවර්ධන ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුමට අනුව ඇමෙරිකානු ඩොලර් 65000ක මාසික ගාස්තුවක් සමාගමට ගෙවීමට නියමිතව තිබුණි.

ගිවිසුමට අනුව අමාත්‍යාංශය විසින් චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සමාගමට ඇමෙරිකානු ඩොලර් 65000ක මුදලක් 2016 අගෝස්තු 18 වැනි දින ගෙවා තිබේ. අදාළ ගිවිසුම 2017 පෙබරවාරි 17 වැනි දින දක්වා ක්‍රියාත්මක විය.

චීන සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සංවිධානය කිරීමට එම සමාගමට පවරා ඇත. 2017 මැයි මාසයේ පැවැති සේද මාවත සම්මන්ත්‍රණය ඇතුළු තවත් විශේෂ ආයෝජන සඳහා වූ සාකච්ඡා සංවිධානය කිරීමද සමාගමට පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here