එජාපයේ “ඩස්පිංගත චරිතවල අදෝනාව.

0
356

දිනෙන් දින එජාපය කෝට්ටේ පාරේ බෝඩ් ලෑල්ලක් බවට පත්වෙත්දී සමගි ජන බලවේගය ‘සැබෑ එජාපය ‘ බවට පත්වෙමින් තිබේ.

එය දේශප්‍රේමී,මානවප්‍රේමී,නවීනත්වය අගයන මිනිසුන්ගේ ජීවන විලාසිතාව බවට පත්වෙමින් තිබේ.

එජාපයේ දැනට ඉතිරිව සිටින කල්ලිය දෙස බලන්නටත් අපුලය.දුගද හමන සුළුය.

එජාපය වෙනුවෙන් දිවිදුන් නායකයෝ මිනී වලෙන් නැගිට විත් සාප කරන තත්ත්වයට එජාපය විනාශ කළේ දශක තුනකට එහා එහි නායකත්වය උසුලන දීන නායකයා ය.

එජාපය ඒ අත්තනෝමතික නායකයා විසින් සහමුලින්ම වලපල්ලට දමා හමාරය.ඔවුන්ම මරා දැමූ,ඔවුන්ම පෙට්ටියට දැමූ,ඔවුන්ම භූමදානය කළ මහා පක්ෂය වනසන්නට දායක වූ කල්ලිය දැන් එකිනෙකා මරාගනී.

මහාපරිමාණ බැංකු හොරෙක් එහි නායකත්වය ලබා ගන්නට විසිහතර පැයෙ ගේම් ගසමින් සිටී.තමා නායකයාගේ ලගම කෙනා කියමින් දෙදෙනෙක් තවත් සීතල යුද්ධයකය.

ගාල්ල පැත්තේ සූත්තර පුංචෙක් පක්ෂයේ සභාපතිකම ඉල්ලමින් සිටී.ජාතික සංවිධායක පක්ෂයේ වෙන කිසිවක් දන්නේ නැත.රංගෙලා පාපිස්නා පමණි.

ඔය අතර රනිල් භීතියෙන් සිටින චරිත කිහිපයක් තිබේ.ඒ නිසා ඔවුන්ගෙන් කවුරුහරි තමාගෙන් ගැලවී ගියහොත් සිදුවන තත්ත්වය ඔහු දනී.අනෙක් අතට ඒ චරිත කිසිවෙක් තම කදවුරකට සමීප කරගන්නට කටයුතු කරන අයෙක් වේනම් දෙයියන්ගේම පිහිටය.

‘අකිල,වජිර,රවි,සාගල,….මොහොතක් ඒ චරිත ගැන කල්පනා කරන්න.

#රනිල් වජිරට බය ය#

වජිර අබේවර්ධන යනු නීලකාස ඩීල් කරුවෙකි. වජිර වඩාත් ප්‍රකට ‘යටිකූට්ටු’වැඩ වලට ය. එය ඔහුගේ ඉතිහාසයේ සිට එන නොසන්ඩාල පුරුද්දකි.
එජාපය පරාජයේ තබා ගැනීමට එකල මහින්දගේ ආණ්ඩුවට උපකාර කළ අයෙක් ලෙස වජිර ප්‍රකටය. රනිල් එරෙහිව පක්ෂය ශක්තිමත් කරන වැඩ වලදී වජිර රනිල් වෙනුවෙන් පෙනී සිටියේය.
ඒත් ඔහු සත්‍යවශයෙන්ම පෙනී සිටියේ මහින්දටය.
මහින්ද වජිරට දුන් ‘ඕඩරය’ ඇතුලේ ඉඳගෙන ගේම් එක ගහන්න’කියන එකය. ඔහු එය කළේය. රනිල් රකින මුවාවෙන් ඔහු මහින්දගේ ආණ්ඩුව රැක්කේය.
වජිර රාජපක්ෂලාගේ සුරතලෙකි. ගෝඨාට පාස්පෝට් දෙකක් හදා ගන්නට උපකාර කළේ කවුද කියා රටම දනී.

ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීමේ අක්‍රමිකතා පිළිබඳ චෝදනාද වජිරට තිබේ.
රුපියල් මිලියන 600ක බරපතල මුල්‍ය වංචාවකට සම්බන්ධව මහ ධිකරණයේ විභාගවන නඩුවක චුදිතයෙකුව සිටිය අනූෂ පැල්පිටට ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරක් ලබාදීමට කටයුතු කළේ මේ වජිර ය. වජිර අබේවර්ධන පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ බරපතල වංචාවලට සම්බන්ධ ඉහළ රාජ්‍ය නිලධාරින් රැකීමේ විශේෂ මෙහෙයුමක නිරතව සිටියේ එසේය.
එපමණක්  නොව, ඇවන්ගාඩ් වෙත දුන් සහය නිසා වජිරට ලැබුණු සන්තෝසම් අති විශාලය. ක්වීන්ස් රෝඩ් හී දැවැන්ත මාලිගාවක් වජිරට තිබේ. එය මහින්දගේ ආණ්ඩුවෙන් ලද සංතෝසමකි. තීරණාත්මක ලෙස එජාප නායකත්වය වෙනස් කරන්නට කැරලි මතුවන විට වජිර සූත්තර පුංචාගේ වැඩේ කළේය. අද යලිත් පක්ෂය කනත්තට ගෙන යන කටයුත්ත ඔහු සිදුකරමින් සිටී. රාජපක්ෂලා සමඟ රනිල් කළ සියලු ඩීල් දන්නේ වජිරය.එනිසා වජිරට රනිල් බයය. සෝදාපාලුවී ගිය එජාපයේ වජිර වැනි ඩීල්කරුවන් රනිල්ගෙන් ඈත් කරන්නට සජිත්ලා උත්සාහ කරනවානම් ඒ නොම්බර එකෙ විහිලුවකි.
#රනිල් රවිට බය ය.#
රනිල් සිය ජීවිතේ වැඩියෙන්ම බය රවිට ය. ඒ රනිල්ගේ රහස් ගබඩාවේ බොහෝ දේ දන්නේ රවි නිසාය. රවිව විශ්වාස කළ රනිල් රවි බොහෝ දේවල් වලට සම්බන්ධ කරගත්තේය.
මෙරට වසන කුප්‍රකටම දේශපාලකයා ඔහුය. පාක්ෂිකයින්ට ඔහු තරම් අප්පිරියා වෙනත් අයෙක් නැත. 2001 එජාප ආණ්ඩුව ගිලදැමූ බහිවරයා ඔහුය. ලලිත් අතුලත්මුදලිගේ මහපොළ වනසා දැමීම සහ තවත් මගඩි නිසා ශ්‍රීමනී අතුලත්මුදලි මිය යනතුරුම රවිට ශාප කළාය.
2015 යහපාලන ආණ්ඩුවට ලොකුම කැළල කළේ රවිය. 2001 ආණ්ඩුව පෙරලන්න මුල් වූ ඔහු 2015 ආණ්ඩුව ආ සැනින් මගඩි පටන් ගත්තේය.අහිංසක පාක්ෂිකයින්ගේ මුදලින් එකතුවන පක්ෂ අරමුදල පවා පක්ෂයට අහිමි කළ චූදිත චෝදනවක් තිබේ.
වරක් ඇමති තනතුරින් එලවා දමන්නට පෙර ඉල්ලා අස් වූ ඔහු අනෙක් අයගේ කුණු හොයන්නට සමතෙකි.  මොහු තමන්ගේ නීලකාස මගඩි යට ගසාගෙන සිටී.
රවී කරුණානායක ඇලෝසියස් සමඟ එකතුවී පිල්ලි ගැසූ බැදුම්කර මුදල් පිළිබඳව රවී කරුණානායක කිසිවක්ම දන්නේ නැත. මන්ද ඔහුට ඒ සියල්ල අමතකව ඇති බැවිනි. කොමිසම හමුවේ ඔහුට ලිස්සා යාමට ඇති සරලම තැන වූයේ ඔහුට සියල්ල අමතකව ඇති බැව් යන පිළිතුරයි. ඒ හා සමගම ඔහු ඇමතිකම කමෙන්ද ඉල්ලා අස්විය. නමුත්  නැවතත් ඔහුට ඇමතිකම දුන්නේය. එකල ඔහු අමාත්‍ය ධූරයක් ලබා ගත්තේ  පෙරසේම සියල්ල අමතකව ඇති නිසා වන්නටද පුළුවන.රාජපක්ෂලා  සමඟ රනිල් ගසන ගේම් රවි දනී. බැඳුම්කර මගඩිය ගැනත් දනී. එනිසා රනිල් රවීට බය ය.
එහෙව් රවීව රනිල්ගෙන් ඈත් කරන්න සජිත්ලා උත්සාහ කරනවානම් එය මෝඩකමකි.
#සාගලට බය රනිල්#
දේශපාලනය ගැන බලු මයිලක් තරමටවත් දන්නේ නැති කිරි දරුවෙන් වන සාගල දන්නේ සීයක විතර ආරක්ෂක බල ඇණියක් පිරිවරාගෙන ගමන් යන්නටත් ඩීල් ගසන්නටත්,පාවා දෙන්නටත් ය. රනිල්ගේ සුරතල් ආශිර්වාදයෙන් පින පාදාගත් සාගල මුල්ම මැතිවරණයෙන් පරාජය විය. හැම විටම මහින්දලා සමඟ ඩීල් දමන ඔහු එජාපය වළ පල්ලට යැවූ මුල් පුරුකෙන් එකෙකි. කෝට් ප්‍රකෝටි ගනං ආදායම්, මගඩි, අවභාවිතයන්,පාවාදීම් සහ ඩීල් වලට ඔහු කප්පිත්තෙකි. යහපාලන ආණ්ඩුව මරා දැමූ ප්‍රධාන චූදිතයෙක් ලෙස මොහු ප්‍රකටය. ජන පදනමක් තියා ප්‍රාදේශීය සභා පදනමක්වත් ඔහුට නැත. ඔහුගේ උපාය වී තිබෙන්නේ සජිත්,හරින්,අඇතුළු පිරිස් එලවා දමා පක්ෂය භාර ගැනීමය.
රනිල්ගේ සියලුම ගේම් සහ ඩීල් දන්නා සමීපතමයා සාගලය.
ඒ නිසා රනිල් සාගලට බය ය.
#රනිල් අකිලට බය ය#
එජාප පතාක යෝධයෙක් වූ ඉම්තියාස් බාකිර් මාකර් මහතා වෙනුවට නොදරුවෙක් වැනි අකිල විරාජ්ට පක්ෂ මහ ලේකම්කම දෙමින් රනිල් වික්‍රමසිංහ එජාපයට නැවත නිවැරදි කළ නොහැකි අපරාධයක් කළේය. ඉම්තියාස් වැන්නන් අබියස රනිල්ලා වැටෙන්නේ සිප්පි කටු ගානටය. මේ මහා පතාක යෝධයාගෙන් වැඩ ගන්නට රනිල්ගේ එජාපයට ඕනකමක් නැත.
තමන්ට තරම් නොවන මහා තනතුරක් ගෙන මරු කියවමින් සිටින අකිල පළමු මැතිවරණය පරාජය විය.
ඉන් පසු රනිල් දන්නා දහම් ගැට සියල්ල ගසා අකිලව පාර්ලිමේන්තු ගෙනාවේය. දිස්ත්‍රික් නායකකම ඔහුට දෙන්නේ ගාමිණී ජයවික්‍රම වැනි ජේශ්ඨයින් කපමිනි. හැමදාම ගාල්ල දිනූ ගයන්තට දිස්ත්‍රික් නායකකම නැත. ඒ වෙනුවට පරදින සූත්තර පුංචා වන වජිර දිස්ත්‍රික් නායකය. ඒ හැන්ද අකිලට නැත.
එජාපයේ අසාර්තකම මහ ලේකම් ඔහුය.පාසල් වලට සිසුන් දමා ගැනීම උදෙසා ලිංගික අල්ල්ලස් ගන්න ගුබ්බෑයමක් බවට අමාත්‍යාංශය පත්ව තිබේ. නීතිවිරෝධී පත්වීම් වලින් පිරී තිබේ. සුරක්ෂාව මහා වංචාවකි. මංකොල්ලයකි.
අකිල රනිල්ගේ සියලු ගේම් දනී. ඒ නිසා රනිල් අකිලට බය ය.
එවන් තත්ත්වය තුල සමගි ජන බලවේගය ඒ ‘දේශපාලන මළමිනී’ගලවා ගන්නට හෝ කිට්ටු කරගන්නට වෑයම් කරන්නේ නැත.
ඒ චරිත ඉතිහාසය විසින් කුණුකූඩෙට දමා ‘ඩස්පිංගතකොට’හමාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here