උතුරු පළාතේ ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා දක්වා දීර්ඝ කෙරේ

0
399

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම දිස්ත්‍රික්කවල උදේ 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය එදින දහවල් 2.00ට යළි පනවනු ලබන බව එම නිවේදනයේ දැක්වේ.

උතුරේ දිස්ත්‍රික්ක 5 වෙසෙන ජනතාව තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කරීම තහනම් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here