ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකඟ වෙයි

0
46
Smoke and flames rise during an Israeli air strike, amid a flare-up of Israeli-Palestinian violence, in Gaza City May 14, 2021. REUTERS/Mohammed Salem

ඊයේ රාත්‍රියේ සිට ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයක් ආරම්භ වී තිබේ.

ඒ දින 11ක් පුරා දෙපාර්ශ්වය අතර පැවති ගැටුම් සමනය කරමිනි.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරය ආසන්නයේ ගැටුම් ආරම්භ වුණේ පසුගිය 10 වැනිදා සිටය.

දින 11 ක් පුරා ජීවිත 240ක් අහිමිකරමින් ක්‍රියාත්මක වූ දරුණු ගැටුම් අවසන් කරමින් සටන්විරාමයකට එළඹීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය.

සිය තීරණය දැනුම් දෙමින්, තමන් අන්නෝන්‍ය හා කොන්දේසි විරහිත සටන්විරාමයකට එකඟතාව පළකළ බව ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය නිවේදනය කළේය.

එමෙන්ම හමාස් සංවිධානයේ නිලධාරීන්ද අවධාරණය කළේ, අනෝන්‍ය සහ සමගාමී සටන්විරාමයකට තමන්ද සූදානම් බවය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු සමඟ සිදුකළ සිව්වැනි දුරකථන සාකච්ඡාවේදී මේ සම්බන්ධ තොරතුරු තහවුරු කරගත් බව අමෙරිකානු ජනාධිපති ජො බයිඩන් ද අනාවරණය කළේය.

බයිඩ්න් වැඩිදුරටත් පැවසුවේ, එම සටන්විරාමය කලාපීය සාමය සඳහා වන යහපත් ප්‍රවණතාවක් බවය.

දිවා රාත්‍රී නොතකා පැවති ගැටුම්වලදී වැඩිම හානිය සිදුවුණේ ගාසා තීරයටය.

එහිදී ගාසා වැසියන් 232ක් මියගිය අතර ඉන් 65දෙනෙකු ළමුන්ය.

සටන්විරාමයක් සදහා එළඹි එකඟතාවෙන් පසු ගාසා තීරයේ වැසියන් වීථි බැස සිය ප්‍රීතිය පළ කළේය.

ගාසා තීරයේ ගැටුම් අවසන්කිරීමට අමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව කැපීපෙනෙන මැදිහත්වීමක් සිදුකළේය.

එහිදී පෙරමුණගත් අමෙරිකානු ජනාධිපති බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග අවස්ථා හතරකදී දුරකතන සාකච්ඡාවල නිරතවී තිබුණි.

එමෙන්ම ඔහු කලාපයේ අසල්වැසි රටවල් වන ඊජිප්තු ජනාධිපතිවරයා සමඟ පවා සාකච්ඡා කර තිබූ බව වාර්තා වේ.

එමෙන්ම සටන් විරාමයකට එළඹෙන්නැයි දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටි ගෝලීය නායකයින් අතරට ජගත් සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් ද අයත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here