ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් විශාල පිරිසක් මරුට

0
29

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් 44 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම සිද්ධිය සිදුව ඇත්තේ මෙරෝන් කඳු පාමුළ පැවැත්වෙන “Lag B’Omer” නම් ආගමික උත්සවය අතරතුරදීය. තවත් විශාල පිරිසක් එහිදී තුවාල ලබා තිබේ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ එය “සුවිසල් ඛේදවාචකයක්” බවය.

කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසු එරට දී පැවැත්වුණු විශාලම උත්සවය එය වූ අතර ඊට දස දහස් ගණනක් බැතිමතුන් එක් වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here