ඊයේ දිනයේ දී හම්බන්තොට වරායට සැකකටයුතු විදේශීය නැවක් ඇතුළු වූවාද?

0
77

 

ඊයේ දිනයේ දී හම්බන්තොට වරායට
සැකකටයුතු විදේශීය නැවක් ඇතුළු වූවාද?

විපක්ෂ නායක අසයි.

අද දින (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේ ඊයේ දිනයේදි එනම් අප්‍රේල් 20වන දිනයේදි පරමාණු ද්‍රව්‍ය ඇතුලත් නැවක් හම්බන්තොට වරායට ඇතුල් වී ඇති බවට තොරතුරු වාර්ථාවන බවය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාවට වත් අදාල නවුකාව පරික්ෂා කිරීමට ඉඩ ලබා දී නැති බවයි.
ඊට අමතරව මෙරට පරමාණු බලශක්ති අධිකාරිය මෙම නෞකාව වරායෙන් ඉවත්කර ගන්න ලෙස දැනුම් දී ඇති බවත් නමුත් රජය එහිදි නිහඩව සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් එ මහතා ප්‍රකාශ කල සිටියේ අදාල සිදුවිම සම්බන්ධයෙන් රජය වහා පරීක්ෂණයක් සිදුකල යුතු බවත් රටට සැබෑ තොරතුරු හෙලිකල යුතු බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here