ඉරා විසිකරණවා කියූ MCC ගිවිසුම අත්සන් කිරීමට නිර්දේශ… කැබිනට් පත්‍රිකාව මෙන්න…

0
394

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂණ් හෙවත් MCC ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව මගින් එම ගිවිසුම අත්සන් කිරීමට නිර්දේශ ලබාදී ඇති බව ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ.

එම මූලික වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ප්‍රාග්ධන සම්පත් හිඟ සහ ණය බරින් තෙරපුණු ශ්‍රී ලංකාවේ මූලික ආර්ථික සංරෝධක දුරලීමේ ආයෝජන උදෙසා අවශ්‍ය මූල්‍ය සම්පත් රටේ විදේශ ණය බර වැඩි නොකරමින් සපයා ගැනීමේ හැකියාව MCC යෝජනාවේ ඇතුළත්ව ඇති බවයි.

එමෙන්ම අත්සන් කිරීමට පෙර මෙම ගිවිසුමෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට අනුකූල නොවීමට ඉඩ ඇති වගන්ති හා ප්‍රතිපාදන හා අයහපත් අංග සඳහා සුදුසු නිවැරදි කිරීම් හා සුදුසු සංශෝධනයන් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් මහජනතාවගේ හා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීම අවශ්‍ය බවත් ඉන් නිර්දේශ කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය සඳහන් කර සිටියේ මෙම ගිවිසුම මුළුමණින්ම රටට අහිතකර බැවින් තමන් බලයට පැමිණි වහාම එම ගිවිසුම ඉරා විසි කරන බවය.

එහෙත් මේ වනවිට කැබිනට් මණ්ඩලයේදී තීරණය වී ඇත්තේ මෙහි හානිකර වගන්ති නොමැතිව එම ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here