ඉන්දුනීසියාවේ විශාලතම තෙල් පිරිපහදුවේ ගින්නක්

0
88

එරට වේලාවෙන් අලුයම් කාලයේ රාජ්‍ය තෙල් සමාගමක් යටතේ පවත්වාගෙන යනු ලබන මෙම තෙල් පිරිපහදුවේ ගින්න හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,  ඉන්දුනීසියා බලධාරීන් ගිනි නිවන භටයින් යොදා ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බවයි.

පුද්ගලයින් 5 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පිරිපදුව ආසන්නයේ පදිංචිකරුවන් 950ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ගින්නෙන් තුවාල ලබා ඇත්තේ, අසාන්න පදිංචිකරුවන් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි කිහිපදෙනෙකි.

ජකර්තා අගනුවර සිට කිලෝමීටර් 200ක් පමණ නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති බැලොන්ගන් තෙල් පිරිපහදුව හෙක්ටයාර 340ක වපසරියක පිහිටා ඇති අතර  ඉන් දිනකට තෙල් බැරල් 125,000ක් සකසනු ලබයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here