ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් දිවයිනට

0
220

glish

தமிழ்

JUST IN : ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් දිවයිනට

JUST IN : ඉන්දීය විදේශ අමාත්‍ය ජයශංකර් දිවයිනට

කර්තෘ Staff writer

05 Jan, 2021 | 4:45 PM

COLOMBO (News 1st) : ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි බවයි.

මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here