ඉන්දීය ධීවරයින් 54ක් නාවික හමුදා භාරයට

0
98

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 54ක් සහ ඔවුන්ගේ යාත්‍රා 05ක් නාවික හමුදා භාරයටගෙන තිබේ.

ඊයේ (24) දින රාත්‍රීයේ එම පිරිස අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පැවසීය.

නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1030ක පමණ ප්‍රමාණයක් ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම විශේෂ මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා 05 සහ ඉන්දීය ජාතිකයින් 54 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශයන් වෙත භාරදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here