ඇෆ්ගන් යුද්ධය අමෙරිකාව පරදා තමන් ජයගෙන ඇති බව තලෙයිබාන් සංවිධානය පවසයි.

0
77

ඇෆ්ගන් යුද්ධය අමෙරිකාව පරදා තමන් ජයගෙන ඇති බව තලෙයිබාන් සංවිධානය පවසයි.

තලෙයිබාන් සංවිධානයේ ප්‍රධානියකු මේ බව පවසා තිබෙන්නේ, බි.බි.සි ලෝක සේවය සමග වැඩසටහනකට එක් වෙමිනි.

ඇෆ්ගනිස්ථාන දේශපාලන කණ්ඩායම් සමග බලය බෙදා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද තලෙයිබාන් සංවිධානය පැවසීය.

බෝල්ක් දිස්ත්‍රික්කයේ තලෙයිබාන් නායක හජි හෙක්මාත් සඳහන් කරන්නේ, අමෙරිකාව සිය හමුදාවන් ඉවත් කර ගැනීම ප්‍රමාද කිරීම පිළිබඳව සිය විරෝධය පළ කරන බවයි.

මීට පෙර මැයි මාසයේදී සිය හමුදාවන් ඉවත් කර ගැනීමේ තීරණය සැප්තැම්බර් දක්වා කල් දැමීමට අමෙරිකාව පසුගිය දා තීරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here