ආණ්ඩුවට ඡන්දය දුන් 95%ක්ම දැන් ආණ්ඩුවට විරුද්දයි.. ආණ්ඩුවේ ගමන අන්තිම අසුභවාදීයි..- විජේදාස

0
146

ආණ්ඩුවට ඡන්දය දුන් 95%ක්ම දැන් ආණ්ඩුවට විරුද්දයි.. ආණ්ඩුවේ ගමන අන්තිම අසුභවාදීයි..- විජේදාස

ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගෙන් 95%ක්ම අද වන විට ආණ්ඩුවට විරුද්ධ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළ අති විශාල ජනතාව බලාපොරොත්තු වූයේ බුද්ධිමත් කැබිනට් මණ්ඩලයක් සමග රටේ ලොකු වෙනසක් ඇති කරන සිස්ටම් චේන්ජ් එකක් බවද පැවසූ ඔහු නමුත් ඒ වෙනස අද සිදුවී නැතැයි ද පෙන්වා දෙයි.

ඒ නිසා ඡන්දය දුන් ජනතාව අද ඉන්නේ බොහෝ කලකිරීමෙන් බවද ඇමැති මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් නොලැබීම ගැන තමන් අද බොහොම සතුටට පත්ව සිටින බවත් එය තම දේශපාලන ජීවිතය විශාලතම සතුට බවත් ඒ මහතා කියා සිටියි.

අපිට ආණ්ඩුවේ ගමන අන්තිම අසුබවාදී බවට පවසන ඔහු අවශ්‍ය වෙලාවට තමන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බවද සඳහන් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here