අමෙරිකාව කොවිඩ් එන්නත් මිලියන 500ක් පරිත්‍යාග කිරීමට සැරසේ

0
33

වසර දෙකක් තුළ කොවිඩ් -19 මර්දනය සඳහා වන “ෆයිසර්” එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් සියයකට ලබා දෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින් ප්‍රකාශ කර තිබේ.

ඉන් මාත්‍රා මිලියන 200ක් එම වසර තුළ ලබාදෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඉතිරි මාත්‍රා  300ක ප්‍රමාණය  2022 වසරේ ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබේ.

දුප්පත් රවටල එන්නත්කරණය ඉහළ නැංවිම මෙහි අරමුණ වී ඇති බව විදෙස් වාර්තා සඳදහන් කළේය.

සිය ධුරයට පත්විමෙන් පසු පළමු විදෙස් සංචාරයේ නිරත වන අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් බ්‍රිතාන්‍යයට ළඟාවීමෙන් පසු මේ බව ප්‍රකාශ සිදුකර කර තිබේ.

කෙසේවෙතත් එන්නත් මාත්‍රා මිලියන 500ක් ලොව රටවල් සියයකට ලබාදීම සම්බන්ධයෙන් ධවල මන්දිරය මෙතෙක් සැලසුම් කර නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here