අද (31) සිට දින 4ක් යතුරුපැදි පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක්

0
91

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කිරීමට අද සිට දින 4 ක දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මෙහිදී විශේෂයන් යතුරුපැදි පරීක්ෂාවක් ද සිදුකරන බවයි.

යතුරුපැදිකරුවන් විසින් සිදුකරනු ලබන මාර්ග නීති උල්ලංඝණය කිරීම් ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.

මේ අතර ගතවු පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here