අගේ ඉදන් කණ කන “ආර් කක්කා”

0
398

අගේ ඉදන් කණ කන “ආර් කක්කා”

සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් එක තැනක සිටිමින් ඊට ප්‍රතිවිරුද්ධ  වෙනත් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීමට කියන්නේ  අගේ ඉදන් කණ කනවා කියාය.

එහෙම චරිතයක් සමගි ජනබලවේගයේ තරුණ බලවේගය නියෝජනය කරමින් සිටී.ඒ චරිතය අගේ ඉදන් කණ හොදහැටි කමින් සිටින අතර ඒ තක්කඩි ක්‍රියාව දැන් බොහෝ දෙනෙක් දනී.

සමගි ජනබලවේගයේ තරුණ බලවේගය නිර්මාණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත පිහිටා වන අතර එහි හැකියාව

කුසලතාවය ඇති සියලු දෙනාට ඉදිරියට ඒමේ අවස්‍ථාව තිබේ. මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී තරුණ බලවේගයක් මෙරට කිසිදු පක්ෂයකට නැත.

ඒ අතර මේ තරුණ සංවිධානය නියෝජනය කරන ඉහත කී හිස් චරිතය පදුරුගානේ ආඩාපාලි කියමින් කුජීත ලෙස හැසිරෙමින් සිටී.

සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ඒ චරිතයට නොගැලපේනම් වහාම කළයුත්තේ ඉවත්ව යාමය. එහෙත් එසේ නොකර තමන්ගේ අලුගුත්තේරු නිවටකම ප්‍රදර්ශනය කරමින් තවදුරටත්  එහි රැදී සිටී.

තමන්ගේ මගඩි සහ නොසන්ඩාලකම් සදහා ඉඩක් නොලැබෙන බව දන්නා මේ චරිතය දැන් කරමින් සිටින්නේ හතරවටේ “චීත්ත”ගලවමින් යාමය.

ඒ චීත්තයේ තුත්තිරි තිබෙන බව හැමෝම දන්නා නමුත් ඒ චරිතය සොයන්නෙ අනුන්ගේ කුණුය.

එක්කෝ මේ චරිතය තමන්ගේ රුචිකත්වයට ගැලපෙන තැනක වාහනයක් පැදගෙන සිටිය යුතුය.නැත්නම් පොදු එකගතාවය වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී කදවුර ශක්තිමත් කළයුතුය.

ඉතිහාසයේ ගොන්කම් තුලින් කෙලවාගත් තම වර්තමාන රගපෑම් නිසා වසාගත නොහැකි බවවත් අඩුතරමේ තේරුම් ගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here