අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයට ළඟා වෙයි

0
164

බංග්ලාදේශ රාජ්‍ය සංචාරය අරඹමින්, ඩකා අගනුවරට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය විසින් පිළිගනු ලැබ තිබේ.

දෙදින රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශය බලා පිටත්ව ගියේ අද (19) උදෑසනයි.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරියගේ ආරාධනයකට අනුව බංග්ලාදේශ ජනරජයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන් මහතාගේ ඡන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමගාමීව අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදු වේ.

සංචාරයේදී මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය, ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා සහ බංග්ලාදේශ මහ බැංකුවේ අධිපතිවරයා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

මීට අමතරව කෘෂි කාර්මික, වෙළෙඳ හා ආයෝජන, ආරක්ෂක සමුද්‍රීය සබඳතා, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සංචාරක ඇතුළු විවිධ අංශ සම්බන්ධයෙන් ද මෙම සංචාරයේදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

සංචාරය අතර කෘෂිකර්මාන්තය, කාර්මික, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සංස්කෘතික සහයෝගිතාව වැනි විවිධ අංශයන්ට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව ඇත.

1971 දී වෙනම රාජ්‍යයක් බවට පත් වූ බංග්ලාදේශය ඊට පසු වර්ෂයේ සිටම ශ්‍රී ලංකාව සමග විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here